සාමාන්‍යයෙන් Google, Yahoo! වැනි ඕනෑම සෙවුම් යන්ත්‍රයක 'windows password recovery' නමින් සෙවුමක් දැමුවහොත් මේ සඳහා ඕනෑ තරම් මෘදුකාංග සොයා ගත හැකියි. එහෙත් ඉන් වැඩිමනක් අත්හදාබැලීමේ නැතිනම් demo ආකාරයේ වැඩ සටහන්. ඒවායින් පාස්වර්ඩ් ලබාගැනීමට නම් එම මෘදුකාංගය වලංගු පිටපතක් බවට පත් කරවා ගත යුතු වෙනවා. නැතිනම් එහි මුල් පිටපත මුදල් ගෙවා ලබාගත යුතුයි. මේ ආකාරයේ මෘදුකාංග රැසක් අතරින් SAMInside කියන්නේ මේ සඳහා යොදාගත හැකි සාර්ථකම මෘදුකාංගයක්.

සාමාන්‍යයෙන් වින්ඩෝස් මෙහෙයම් පද්ධතියක (NT/2000/XP) password හා user security සම්බන්ධ තොරතුරු අඩංගු වෙන්නේ 'C:\WINDOWS\system32\config' තුළ ඇති SAM හා SYSTEM ගොනු තුල. SAMInside මඟින් කෙරෙන්නේ මේ ගොනු කියවා ඒ තුල ඇති තොරතුරු පෙන්වන එක. නමුත් administrative privileges නැති limited user account තුළදි සාමාන්‍යය ආකාරයට මෙම මෘදුකාංගය ක්‍රියා කරන්නේ නැහැ. ඒ සඳහා bootable disk එකක් භාවිතයෙන් හෝ වෙනයම් ආකාරයකින් ඉහත සඳහන් SAM, SYSTEM ගොනු ලබාගත යුතු වෙනවා. මේ සඳහා වන උපක්‍රම කිහිපයක් එහි උපකාරක ගොනුවෙහි සඳහන්.

කොහොම වුනත් SAMInside කියන්නේ මේ සඳහා ඇති එකම සාර්ථක මෘදුකාගය නොවෙයි. මීට වඩා සාර්ථක හා කාර්්‍යක්ෂම මෘදුකාංග සහ උපක්‍රමයන් තවත් තිබෙනවා.

http://www.insidepro.com/ වෙබ් අඩවියෙන් හෝ මෙතැනින් SAMInside මෘදුකාංගය භාගත කර ගත හැකියි.

SAMInside is a password recovery software for windows NT/2000/XP. It can recover and get the windows user passwords on many windows platform. Many windows o/s es, including the password & security details in SAM & SYSTEM files on 'C:\WINDOWS\system32\config' folder. SAMInside is read & recover these details and view. Can be download the software from http://www.insidepro.com/ or click on this link.

0 comments: