සාමාන්‍යයෙන් අපි Crack එකක් කියල කියන්නේ, demo නැතිනම් trial ආකාරයේ මෘදුකාංගයක් වලංගු පිටපතක් බවට පත්කර ගන්නට (නීත්‍යානූකූල නොවන විදියට) භාවිතා කරන පරිඝණක වැඩසටහන‍් වර්ගයක්.
බොහෝමයක් පරිඝණක මෘදුකාංග වෙළඳපොලට නිකුත් කරනු ලබන්නේ පිටපත් කිරීම වලක්වාලීම සඳහා වූ ආරක්ෂක උපක්‍රම සමඟින්. මේ ආරක්ෂක අපක්‍රමයන් බිඳලීමට හැකර්වරුන් විසින් විවිධ පරිඝණක වැඩසටහන් සකසනවා.
ලංකාව වගේ රටවල අපි තවමත් මෘදුකාංග ලබාගන්නේ විවෘත වෙළඳපොලෙන් රු.100 කට 150 ක වගේ මුදලකට. මේවා නීත්‍යානූකූල පිටපත් නම් නොවෙයි. ඊට ආදාලCracks එම සංයුක්ත තැටිය තුලම අඩංගුයි. Cracks භාවිතා වන තවත් ආකාරයක් තමයි, අන්තර්ජාලයෙන් භාගත කරගන්නා මෘදුකාංග සමඟ. මේවා බොහෝමයක් demo/trial ආකාරයේයි. ගොඩක් අය කරන්නේ මේවා වලංගු පිටපත් බවට හරවා ගැනීම සඳහා අන්තර්ජාලය තුලින්ම එහි Crack එක භාගත කර ගැනීම. මේ සඳහා වූ විශාල වෙබ් අඩවි ප්‍රමාණයක් අන්තර්ජාලය තුල ඇතැත් වෛරස හා වෙනත් හානිකර වැඩසටහන් හේතුවෙන් ඒවායෙන් වැඩි ප්‍රමාණයක් වෙත පිවිසීම ආරක්ෂාකාරී නැහැ. අනෙක් අතින් ප්‍රසිද්ධ ස්ථාන වලින් එවැනි වෙබ් අඩවි වෙතට පිවිසීම ත්‍රාසජනක ;) අත්දැකීම් ද ගෙන දෙනව. එමෙන්ම ලැබෙන ප්‍රතිඵල වලින් සියයට 99 ක්ම නිවැරදි නොවන එවා.
CrackDownloader 2.2
මෙම මෘදුකාංගය software cracks සෙවීම සඳහාම නිර්මාණය කර ඇති කුඩා පරිඝණක වැඩසටහනක්. මෙහි ඇති built-in සෙවුම් යන්ත්‍රය මඟින් අවශ්‍යය මෘදුකාංගයට අදාල crack එක සොයා භාගත කර ගත හැකියි. ලැබෙ ප්‍රතිඵල සියයට සියයක් නිවැරදි නැතැත් සාමාන්‍ය සෙවුම් යන්ත්‍රයක් භාවිතා කරනවාට වඩා ආරක්ෂිත හා නිවැරදි ප්‍රතිඵල ලබා දෙනවා.http://in4matics.t35.com/ වෙබ් අඩවිය මඟින් එය ලබා ගත හැකියි.CrackDownloader is a computer application, that can be search and download cracks for needed software. It is safe and quick for it. Many websites and crack databases are danger and included adults contents in their sites. But CrackDownloader is safesearchFindCRACK (Google Custom Search)
පහත සෙවුම් පිටුව හරහා සෙවුමක් දැමීම මඟිනුත් කාර්්‍යයක්ෂම ප්‍රතිඵල ලබාගත හැකියි. ලැබෙන ප්‍රතිඵල වල ආරක්ෂාකාරී බව ගැන නම් වගකීමක් නැහැ.
http://www.google.com/coop/cse?cx=013255176131035095283%3A-ib1gkfmkjg
Credit: CrackDownloader මෘදුකාංගය ලබාදුන් අමල් සොයුරාට
1 comments:
crack සෙවුම නම් බොහොම අගෙයි
Post a Comment