Portable Apps මෘදුකාංගයේ නව අනුවාදය නිකුත් වෙලා. Portable Apps 1.1 update නමින්.

Portable Apps කියන්නේ සාම්ප්‍රදායික ආකාරයේ ස්ථාපනය (install) කිරීමට අනවශ්‍යය, Flash Drive එකක හෝ වෙනත් ඕනෑම ආකාරයක ආචයන උපාංගයක් (storage devices) මත සිට ක්‍රියාකල හැකි ආකාරට සකසා ඇති වැඩසටහන් සඳහා, වේදිකාවක් ලෙස ක්‍රියකරන මෘදුකාංගයක්. මේ වන විට මෙම මෘදුකාංගයට අනූකූල වන සේ සැකසූ බොහෝ මෘදුකාංග අනුවාදයන් (portable version) නිකුත් වෙලා අවසන්. ඒ අතර firefox, openoffice.org, GIMP ආදි ‍තවත් විශාල මෘදුකාංග ප්‍රමාණයක් තිබෙනවා. ඒවා portableapps.com/apps මඟින් භාගත කර ගත හැකියි.

විශේෂයෙන් මේ ආකාරයේ මෘදුකාංග අනුවාදයන් සඳහා මුල් මෘදුකාංගයට තරම් මතක ධාරිතාවක් (hard disk space) වැය නොවීමත්, limited user account මත සිට වුවද ක්‍රියාත්මක කල හැකි වීමත් අතිශයින්ම ප්‍රයෝජනවත්.

Links |:
http://en.wikipedia.org/wiki/Portable_application
http://portableapps.com/apps
http://portableapps.com/news/2008-05-22_-_platform_and_suite_1.1
http://portableapps.com/download

0 comments: