Flock - මීට කලකට ඉහත නිකුත් වූ සමාජජාල වෙබ් බ්‍රව්සරයක්. මෙහි නවතම අනුවාදය Flock 1.2b beta නිකුත් වෙලා.

flock නිර්මාණය කර ඇත්තේ firefox කේත මත පදනම්ව. ඒ නිසා firefox සඳහා නිර්මාණය කර ඇති browser extention පවා මෙහි හොඳින් ක්‍රියාත්මකයි. (උදාහණයක් ලෙස EnSiTip 1.0).

මෙම වෙබ් බ්‍රව්සරයේ විශේෂත්වය තමයි, සමාජ ජාල වෙබ් අඩවි සහ web 2.0 පරම්පරාවේ වෙබ් අඩවි සඳහා වැඩි සහායක් ලබා දීම. ඒ අතර facebook, flickr, twitter හා youtube වැනි වෙබ් අඩවි වෙනවා. මෙම නවතම අනුවාදයෙහි digg සේවාවන් සඳහාත් සහය දක්වන බව සඳහන්.

http://www.flock.com/ මඟින් මෙය භාගත කර ගත හැකියි.

0 comments: