08 September 2008

Mail Fetcher at GMail

සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් විවිධ අවශ්‍යතාවයන් සඳහා වෙන් වෙන්ව email account කිහිපයක් භාවිතා කරනවා. ඉතිං මේ හැම එකක්ම පාහේ එකින් එක පරික්ෂා කරනවාට වඩා එක account එකක සිට මේ සියල්ල පාලනය කල හැකි නම් එය ගොඩක් ප්‍රයෝජනවත්.

GMail Mail Fetcher කියන්නේ GMail මඟින් නොමිලේ ලබා දෙන මේ ආකාරයේ සේවාවක්. මේ ගැන වැඩිමනක් විස්තර මෙතනින් බලාගත හැකියි.

ගැටළුවකට තියෙන්නේ
yahoo!, hotmail, lycos වැනි සමහරක් web mail සේවා සපයන සමාගම් කිහිපයක්, තමන්ගේ නොමිලේ දෙන සේවාව සඳහා POP3 access සඳහා සහය නොදැක්වීම. මේ නිසා ඒවා සමඟ mail fetcher යොදා ගැනීමට හැකියාවක් නැහැ.

procedure @ gmail:
  1. Settings >> 'Accounts' Tab
  2. 'Get mail from other accounts' කොටසේ ඇති 'Add another mail account' මත ක්ලික් කරන්න.
  3. අනතුරුව ලැබෙන dialog box සඳහා අවශ්‍ය සැකසුම් ලබාදෙන්න.
Images © googlesystem

3 comments:

Madhuranga Rathnayake said...

ෂා..... ඒ වැඩේ නම් මරු. මාත් ඔහොම එකක් හොය හොය හිටියෙ.....!! අදම බලන්න ඕනා.......

**ඔය තීම් එක නම් හරි ලස්සනයි෴

Kasun said...

@pvgm - :)

ආ මට කියන්න අමතක උනා. yahoo! වලත් මේ වගේ සේවාවක් තියෙනවා.

Option >> Mail Addresses ('Management' Pane)
වලට ගිහින් අවශ්‍ය ආකාරයට settings ටික හදන්න. හැබැයි අර සුපුරුදු ගැටළුව ආයේ මතු වෙනවා. yahoo! අඩු ගානේ තමන්ගේ සේවාවට වත් POP access වලට ඉඩ දීලා නැහැ වගේ. :(
ඒත් වෙනත් ලිපිනයක නමින් ඊ-මේල් යවන්න පුළුවන්.

Kasun said...

[contd.]
mail servers ගැන අවශ්‍ය කරන සැකසුම් හරියාකාරව නොදුන්නත්, yahoo! වල සිට ඒ ලිපිනයේ නමින් ‍ඊ-මේල් යැවිය හැකියි.