Wiki කියල කියන්නේ ඕනෑම කෙනෙකුට සංස්කරණය කළ හැකි හා දායකත්වය දැක්විය හැකි ලෙස වෙබ් අඩවි සැකසීම සඳහා භාවිතා කරන තාක්ෂණයක්. මේ ගැන ඇති හොඳම උදාහරණය වෙන්නේ විකිපීඩියා අන්තර්ජාල විශ්වකෝෂය. එහි ඇති ලිපි හා තොරතුරු සියල්ලම පාහේ ලොව පුරා විසිරී සිටින අන්තර්ජාල පරිශීලකයන්ගේ එකතුවෙන් බිහිවුවක්.
මේ ආකාරයට Wiki තාක්ෂණය යොදාගත් විවිධ Knowledgebase මෙන්ම වෙබ් පිටු ද බොහෝ ප්‍රමාණයක් අන්තර්ජාලය තුලින් සොයාගත හැකියි.මෙවැනි Wiki වෙබ් අඩවි නිර්මාණය කර ගැනීම සඳහා ක්‍රම කිහිපයක් තිබෙනවා. ඉන් එක් ක්‍රමයක් වෙන්නේ wetpaint වැනි Wiki සේවා සපයන වෙබ් අඩවියක තමන්ගේ විකියක් නිර්මාණය කරගැනීම.
අනිත් ක්‍රමය තමයි MediaWiki වැනි වෙබ් අඩවියකින් ලබාදෙන Wiki කේතන භාගත කරගෙන, තමන්ගේම සර්වර් එකක ස්ථාපනය කර ගැනීම. එය wordpress මඟින් තමන්ගේම වෙබ් ඉඩක බ්ලොග් එකක් සාදා ගැනීමට සමාන ක්‍රියාවලියක්.
මෙවැනි විකි වෙබ් අඩවි බොහෝමයක් ඉංග්‍රීසි භාෂාවෙන් දකින්නට ලැබුනත්, සිංහල භාෂාවෙන් නිර්මාණය කර ඇති විකි නම් වැඩිය දකින්නට නැහැ. කාලෙකට ඉහත තිබුණු Lyrics LK නම් වෙබ් අඩවිය මේ ආකාරයේ එකක්.

![Validate my Atom 1.0 feed [Valid Atom 1.0]](http://feedvalidator.org/images/valid-atom.png)
1 comments:
විකි සේවා සපයන තවත් වෙබ් අඩවි දෙකක්:
http://twiki.org/
http://ziwiki.com/
Post a Comment