මිනිස් ජීවිත තුල එකිනෙකාගේ අත්දැකීම් තුල යම් පොදු සමානතාවයක් ඇතැයි මට සිතේ. කලකට පෙර 'සිතුවිලි' හි පළවු මේ කව තුලින් ප්රකාශිත මනෝභාවයන් ඒ අයුරින්ම නොවුවද, යම්තාක් දුරකට මටද පොදු වූවකි.
ජීවිතය සිහිනයක් බඳුය. විටෙක එය වේදනාකාරීය. තවත් විටෙක සුන්දරය. එවන් ජීවිතය තුල අපට මඟ හැරුණු දේත්, දැන දැනම මඟ හැරිය දේත් බොහෝ වෙයි. අප පසුකර ආ ගමන් මඟ තුල වූ සොඳුරු සිතිවිලි වල ආශ්වාදයන් කාලය නැමැති සාධකය නොසලකා අපේ සිත් තුල සදාකල් තැන්පත්ව පවතියි.කාලෙකට පසු දැක ඔබව
බලා සිටියෙමි සිත පුරා
එහෙත් ඔබ මා නොදැක විලසින්
සිටියේය අහක බලාඅත්වැල් නොඇල්ලුවද හැබැයින් කිසිදිනෙක
එහෙත් සිතින් සිතා ගෙන අපමණ වර
ඇවිද ගියෙමි හිස් මාවත් වල මම ඔබ සමග
ඔබ දැන සිටියාද එය.ඔබ කෙසේ දැන ගන්න ද
.....
එ දවස කට කොනින් සිනා වෙනු මිස
සිතේ ඇති දේ
නොපැවසෙමු අප මුවින් කිසි කලෙක
යනෙන මාවතක් බදු මේ ජිවිතෙය
කෙතරම් පා සටහන් ඇතිද පසු කෙරුණු
එකක් දෙකක් හැර අන් සියල්ලම මැකි ගොස්ය
අළුත් අළුත් සටහන් මතුවන මේ ජිවිතේ
ඉද හිට මතු වෙනා ක්ෂණිකයෙන් මැකි යන
පා සටහනකි දැන් ඔබ ...... [quote END]
අත්පත්කර ගැනීමේ තදබල ආශාවකින් තොරව යමක කෙරෙහි බලාපොරොත්තු තැබීම එක් අතකට අර්ථශුනය නිශ්ඵල ක්රියාවක් විය හැකිය. එහෙත් මිනිස් ජීවිතය ජීවත් කරවන්නේ බලාපොරොත්තු මඟිනි. බලාපොරොත්තු වලින් තොරවූ ජීවිතය වූ කලී පැවැත්මක් ඇති එකක් නොවේ.
--
මේ හැඟීම ආදරය නම් ඒ කෙරෙහි වූ සමාජීය නිර්වචනයන් කුමක් වුවත් ඒ අර්ථයෙන් ඒ දෙස බලන්නට මා නොකැමතිය. සියල්ල ආත්මාර්ථයෙන් කෙළවර කරන මේ සමාජය තුල ආදරය පවා ආත්මාර්ථයෙන් තොර වුවක් ලෙසින් නොගනියි. එහෙයින් මේ සාමාජීය අර්ථයෙන් තොරවූ වඩාත් නිර්මල වූ හැඟීමක් ලෙසින් ආදරය සැලකීමට මම වඩාත් කැමත්තෙමි.
එය සැබවින්ම අත්හැර දැමීමේ ක්රියාවලියකි. අත්පත්කර ගැනීමේ දැඩි ආශාව තුල එහි බලය බිඳී යයි. අන්සතු වුවද ඒ කෙරෙහි ද්වේශයෙන් තොරව බලා සිටිය හැකි නම්, එසේ සිදුවන බව දැන දැනත් නිහඬව සිටිය හැකි නම් එහි පරමාර්ථයන් සාක්ෂාත් කර ගත්තාක් වෙයි.
කිසිදිනක අප්රකාශිත ඒ හැඟීම් එහෙයින්ම අමරණීය ද වෙයි.
2 comments:
Post a Comment